මගේ බ්ලොග් අවකාශය…

Future of NetBeans

Posted by: පැතුම් අතුකෝරළ on: September 11, 2009

Ok,

There is only one word to say about NetBeans IDE’s future. That is simply “Great”. There are couple of reasons behind my saying.
1. The extra-ordinary IDE support for development, code optimization, testing so forth.
2. Community support behind NetBeans.

In current industrial level, NetBeans plays a major role in many ways supporting small to large scale development aspects. In future, the IT companies will be searching for a tool which can offer them all of the features that they require for the Software development LifeCycle. And the ultimate solution will be NetBeans.

Go NetBeans!

My NetBeans Story

Posted by: පැතුම් අතුකෝරළ on: September 11, 2009

Guys,

This is how i used to work with NetBeans.

Netbeans Splash on My PC

I used to some poor text editors when into coding in Java and C++. I was on my 2nd year continuing my degree program on APIIT Sri Lanka, while I was asked to prepare a HelpDesk software solution for a Software Engineering company.

So I was looking arroud for a suitable technology and a IDE. Most of my friends were using MS SQL + .NET Platform for their development with the aid of Visual Studio 2005. I am not that much of a Microsoft fan and I really needed to shift gears up on my development process.

I started googling about IDEs for Java development. Eclipse were there and my cousine told me not to use it because there is no in-built GUI Support is provided. Therefore I thought of giving a shot for NetBeans. Voila! That was the ultimate discovery of my development career. I didn’t thought that programming in Java is that much simple in NetBeans. I was simply amazed with the shortcuts, snippits and rich GUI support provided with NetBeans.

Now I am in the final year of my degree and I m totally into NetBeans. I m using the newest Version, which is 6.7 and really impressed about the memory management, Java Beans support…. provided by the IDE.

I ve developed around 15 projects by now, only using Netbeans, And for sure, this will be my first and foremost suggestion for software development for any one if they asked for an IDE.

ඔබේ අවකාශය දැන් අළුත් නිවහනක.

Posted by: පැතුම් අතුකෝරළ on: February 15, 2009

මේ දවස් ටිකේ පොඩ්ඩක් වැඩ ප්‍රමාද වෙච්ච එක ගැන කමා කරන්න. APIIT එකේ දෙවනි අවුරුද්දෙ අවසන් විභාගෙ හෙට පටන්ගන්නවා. ඉතිං මේ දවස් වල දුම් දාගෙන වැඩ කෝච්චිය වගෙ.

හදිස්සියෙම සටහනක් තියන්න හිතුනෙ, මගෙ බ්ලොග් අවකාශය නව පිවිසුමක් ලබා ගත් බව කියන්න. ඒ තමයි http://www.sinhalapro.tk/ . මින් පස්සෙ මේ සටහන් මේ ලිපිනයෙනුත් ඒ වගේම සුපුරුදු බ්ලොග් ලිපිනයෙනුත් බලා ගන්න පුළුවනි.

මේ විභාගෙන් ඉස්පාසුවක් ලැබුනු ගමන්ම අපි වැඩ පටන් ගමු.

ඔබේ අදහස්, යෝජනා, චෝදනා තියෙනවනම් එක් කරන්න. ඒවගේම පාඩම් මාලාව පිලිබඳව මොකක් හරි ගැටළුවක් තියෙනවනම් ඒවත් යොමු කරන්න. ඉඩ තියෙන විදියට උදවු කරන්නම්.

අළුත් පාඩම් පටන් ගන්නකන් මතකය අළුත් කරගන්න. මෙන්න අපේ පරණ පාඩම් මුල ඉඳන්.

1. හොඳයි..එහෙනම් මුලින්ම ජාවා

2. ජාවා තාක්ෂණය සරළව

3. ජාවා වේදිකාව සරළව

4. ජාවා සඳහා පරිගණකය සැකසීම

5. ජාවා සඳහා පරිගණකය සැකසීම (ලිනක්ස්)

6. ඔබ සූදානම් ද?

7. ජාවා හැම තැනම..

ජාවා හැම තැනම….

Posted by: පැතුම් අතුකෝරළ on: February 13, 2009

මේ දවස් වල ජාවා පිලිබඳ කරුනු හොයන්න අන්තර්ජාලය පීරපු මට, වැදගත් ඒ වගේම අලංකාරව නිර්මාණය කෙරුනු ජාවා videos කීපයක් හමුවුනා. මේ අතරෙ තිබෙනවා සන් ආයතනයෙ දැක්ම පවා නිර්මානාත්මකව ඉදිරිපත් කරලා. ඇත්තෙන්ම මමත් පුදුමයට පත් උනා ජාවා වල හැකියාව දැකලා.

ජාවා ඇත්තෙන්ම ලෝක ප්‍රජාවගේ අවධානය වෙනත්ම ඉමක් කරා ගෙනගිය බවට මේ videos කීපය සාක්ෂි දරාවි.

අන්තිම video එකෙන් දැක්වෙන්නෙ ජාවා 10 වන උපන්දිනය සමරපු ආකාරය සහ එයට සහභාගී වුන අයගෙ අදහස්. හැමෝගෙම අදහස ජාවා මේ තරම් කෙටි කාලයක් තුල ආ ගමන සිතා ගත නොහැකි එකක් බවයි.

මේ විස්තර ඔබට ඉදිරිපත් කලේ ජාවා වල ප්‍රයෝජන අපි පන්තියෙදි කතා නොකල නිසා. නමුත් මේ videos වලින් පේන ආකාරයට ජාවා වල ප්‍රයෝජන අසීමිත බවයි පෙනෙන්නෙ.

ඔබ සූදානම් ද?

Posted by: පැතුම් අතුකෝරළ on: February 12, 2009

මට පොඩි දෙයක් අමතක උනා. මම හිතනවා මේ වෙනකොට අපේ පන්තියෙ අය තම තමන්ගෙ පරිගණක වල JDK 1.6 ස්ථාපනය කරගෙන ඇතියි කියලා.හොඳයි, මේ  තියෙන යොමුව පාවිච්චි කරලා තමන්ට දැනගන්න පුලුවනි ඔගොල්ලන්ගෙ JVM එක හරියට ස්ථාපනය වෙලා තියෙනවද කියල.

මේ ගැන මම විශේෂයෙන්ම සඳහන් කරන්න හිතුවෙ, මේ සම්බන්ධයෙන් කීපදෙනෙක් විස්තර අහපු නිසා.
java-test-jvm

ඉහත යොමුවට පිවිසෙන ඔබට ඔබගේ JVM එක හරිහැටි ස්ථාපනය වෙලා නම් ජාවා කේතකරණ භාෂාවේ තානාපති වන Duke ගේ animated රුව දැකගන්න පුළුවන් වේවි.

මෙම වැඩසටහන දර්ශනය වෙන්නෙ නැත්නම් සහ ඔබ JDK එක ස්ථාපනය කර ගත්තා නම් පහත විසඳුම් භාවිතා කරලා බලන්න පුළුවනි.

  1. වෙබ් බ්‍රව්සරය මඟින් ජාවා සක්‍රීය කිරීම - ඔබ Mozilla Firefox භාවිත කරන්නෙක් නම්  Edit -> Preferences -> Advanced -> “Enable Java” මඟින් අදාල සක්‍රීය කිරීම කරන්න පුලුවනි. ඔබ Internet Explorer භාවිත කරන්නෙක් නම්  Tools -> Internet Options -> Advanced -> “Java-Sun”  වෙත පිවිස Java Version අසල ඇති තේරීම් කොටුව සළකුනු කරන්න. ඉන් පස්සෙ Security tab එක වෙත ගිහින් Custom Level තෝරාගන්න. එහි ඇති Scripting of Java applets වෙත ගිහින් Enable නම් radio button එක select වී ඇති බව සැක හැර දැනගන්න.
  2. මෙහෙයුම් පැනලයේ ඇති Java Plug-in මඟින් ජාවා සක්‍රීය කිරීම -Start -> Control Panel -> Java Control Panel -> Advanced ->Default Java Browsers මඟින් අදාල බ්‍රව්සරය තෝරාගන්න. මෙහෙයුම් පැනලය තුල ජාවා Coffee Cup icon එක නොමැති නම් JDK එක හරිහැටි ස්ථාපනය වී නැති බව කිව යුතුයි.
  3. ඔබේ වෙබ් බ්‍රව්සරයේ Cache එක clear කිරීම

මීට අමතරව ඔබට ජාවා ස්ථාපනය කිරීම පිලිබඳ වැඩිපුර විස්තර අවශ්‍ය නම් මෙම යොමුව තුලින් ඒ තොරතුරු ලබා ගන්න පුළුවනි. 

අපේ මීලඟ බලාපොරොත්තුව ජාවා වල පලමු කේතකරනය සිදු කරන්න. ඔබ සූදානම් ද? ඔබ සූදානම් නම් ඒ ගැන සටහනක් තියාවි කියලා බලාපොරොත්තු වෙනවා.

ජාවා සඳහා පරිගණකය සැකසීම (ලිනක්ස්)..

Posted by: පැතුම් අතුකෝරළ on: February 12, 2009

මුලින්ම සමාව ඉල්ලනවා FOSS Community එක අමතක කරලා මේ වැඩේ කලාට. ඒ වගේම රවින්දට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ක්ෂණිකව ඒ වරද පෙන්නලා දීම වෙනුවෙන්. ඉතිං අපේ ඊලඟ lesson එක කරන එක පොඩ්ඩක් පස්සට දාලා අපි බලමු කොහොමද Linux වල JDK එක ස්ථාපනය කර ගන්නෙ කියල.

මේ ක්‍රියාවලියට ලිනක්ස් ස්ථාපනය කර ඇති පරිගණකයෙ root ලෙස ඇතුළු වී තිබීම අත්‍යාවශ්‍ය වෙනවා.

කලින් ලිපියෙ සඳහන් වෙච්ච විදියටම ඔබේ මෙහෙයුම් පද්ධතියට අදාල JDK එක මුලින්ම භාගත කර ගන්න.

මෙහිදී එක දෙයක් කියන්න ඕනෙ. සන් සමාගමේ වෙබ් අඩවියෙන් මේක භාගත කිරීම අමාරු වෙන්න පුළුවන්. එහෙම උනොත් ඔබට මේ රහස් යොමුව භාවිතා කරල JDK 6 – 32bit කේත ගොනුව භාගත කරන්න පුළුවනි. මතක තියා ගන්න මේක භාගත කරන්න wget හෝ curl යන FTP සඳහා සහයෝගය දක්වන command line tool භාවිතා කරන්න සිදු වේවි. මෙහිදී මෙම විධානය පාවිච්චි කරන්න.

wget  http://www.java.net/download/jdk6/6u2/promoted/b02/binaries/jdk-6u2-ea-bin-b02-linux-i586-12_apr_2007-rpm.bin

භාගත කරන ලද ගොනුවේ පිවිසුම් මට්ටම 755 තෙක් වෙනස් කිරීමට 

chmod 755 jdk-6u2-ea-bin-b02-linux-i586-12_apr_2007-rpm.bin යන විධානය භාවිත කරන්න.

දැන් ඔබට පුළුවනි ඉහත ගොනුව ධාවනය කරන්න. මේ සඳහා ඔබට ./jdk-6u2-ea-bin-b02-linux-i586-12_apr_2007-rpm.bin යන විධානය උපකාරී වෙයි.

මෙහිදී ඔබට YES යන්න ඇතුළු කරන්න සිදු වේවි ඔබේ ketboard එක ආධාරයෙන්. ඉන් පස්සෙ ඔබේ JDK ස්ථාපනය කිරීම සුමටව සිදු වේවි ඔබේ මැදිහත් වීමක් නොමැතිව.

ස්ථාපනය කිරීමෙන් පස්සෙ නව JDK වෙළුම Fedora වෙත හඳුන්වා දීම මෙසේ කරන්න පුළුවනි.

updatedb;locate javac |grep bin

මෙමඟින් ඔබේ වෙළුම ස්ථාපනය වෙලා තිබෙන තැන පෙන්නුම් කරනවා. එය බොහෝ විට /usr/java/jdk1.6.0_02/bin/javac ලෙස වන්න පුළුවනි. මතක තබා ගන්න. මෙම යොමුව මත තමා ඔබේ ඊළඟ විධාන තීරනය වන්නෙ.

ඉහත යොමුවට අනුව ඔබේ JAVA_HOME ගොනුව /usr/java/jdk1.6.0_02 ලෙස හඳුනා ගන්න. ඉන් පස්සෙ ඔබට පුළුවනි alternatives යන විධානය මඟින් Fedora වෙත සන් සමාගමේ JVM එක හඳුන්වා දෙන්න.

alternatives --install /usr/bin/java java /usr/java/jdk1.6.0_02/bin/java 100


alternatives --install /usr/bin/jar jar /usr/java/jdk1.6.0_02/bin/jar 100


alternatives --install /usr/bin/javac javac /usr/java/jdk1.6.0_02/bin/javac 100

සඳහන: alternatives  යන විධානය ඔබේ යොමුව තුළ නොමැති නම් locate alternatives යන විධානය මඟින් ඔබට එය සොයා ගන්න පුළුවනි.

අවසන් අදියර විදියට තිබෙන්නෙ ඔබ ස්ථාපනය කරගත්ත JVM එක ඔබේ මෙහෙයුම් පද්ධතිය තුල default JVM එක බවට පත් කර ගැනීම. එය කරන්න ඔබට පහත විධානය යොදාගන්න පුළුවන්.

/usr/sbin/alternatives –config java

මෙහිදී ඔබට අඩුම වශයෙන් තේරීම් 2 ක් වත් ලැබේවි. මෙයින් සන් සමාගමේ JVM එකට අදාල තේරීම භාවිතා කරන්න.

සියල්ල අවසන් නම් ඔබට java -version ලෙස type කර බලන්න පුළුවනි. ඔබ සැකසීම් කටයුතු වල හරිහැටි යෙදුනානම් මේ ආකාරයේ ප්‍රතිඵලයක් ලැබෙනවා.

java version “1.6.0_02-ea”
Java(TM) SE Runtime Environment (build 1.6.0_02-ea-b02)
Java HotSpot(TM) Client VM (build 1.6.0_02-ea-b02, mixed mode, sharing)

දැන් ඔබේ ලිනක්ස් භාවිතා කරන පරිගණකය ජාවා සඳහා මුහුන දීමට සූදානම්.

සඳහන: ඉහත පැහැදිලි කිරීම Fedora Core 6 සහ Fedora 7 යන වෙළුම් සඳහායි. ගැටළු තිබේ නම් යොමු කරන්න. dynamic.adahas@gmail.com

අනෙක් අයගෙ දැන ගැනීම පිණිස ඔබේ ස්ථාපනය කිරීමේ අත්දැකීම් අපි එක්ක බෙදා හදා ගන්න. දැන් අපිට යොමු වෙන්න තියෙන්නෙ ජාවා කේතකරණය දෙසට.

ජාවා සඳහා පරිගණකය සැකසීම…

Posted by: පැතුම් අතුකෝරළ on: February 11, 2009

හොඳයි…මේ වෙනකොට මම හිතුවටත් වඩා ප්‍රතිචාර ගොඩාක් මට ලැබිලා තියනවා. බොහොමත්ම සංතෝසයි. මම හිතනවා ඔබලා මේ දැනුම අනෙක් අයත් එක්කත් බෙදාහදා ගනීවි කියලා.
අද අපි කලින් කිව්වා වගෙම බලමු කොහොමද ජාවා වැඩසටහන් ලියන්න කලින් ඔබේ පරිගණකය ඒ සඳහා සකස් කර ගන්නෙ කියලා.
මේක පියවර කීපයක සරළ ක්‍රියාවලියක්.

මුලින්ම අපි JDK එක භාගත කරලා සාමාන්‍ය විදියට ස්ථාපනය කරගන්න ඕනෙ.සන් සමාගම ඉදිරිපත් කර තිබෙන නවතම JDK වෙළුම ඔබට මෙතනින් ලබා ගන්න පුළුවනි. එතනදි ඔබ Java SE Development Kit (JDK 6 Update 12) තෝරා ගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔබ භාවිතා කරන මෙහෙයුම් පද්ධතියට අදාල JDK වෙළුම ම තෝරා ගන්න මතක තියා ගන්න.

jdk

ස්ථාපනය ගැන මම වැඩි දුර විස්තර කතා කරන්න අවශ්‍ය නැහැ කියලා හිතනවා. ඔබට ඒ සඳහා වැඩි විස්තර අවශ්‍ය නම් ඒ බව සඳහන් කරන්නත් අමතක කරන්න එපා. JDK ස්ථාපනය අතරතුරේ දි, JRE (Java Runtime Environment) එකත් ස්ථාපනය වේවි. ඒකෙන් තමා ඔයාලා ලියන්න යන ක්‍රමලේඛ ධාවනය කරන්නෙ.

ඔබ සාර්ථකව ස්ථාපනය කර ගත්තාද යන වග දැන කියා ගන්න මෙහෙම කරන්න ඕනෙ. මතක තියා ගන්න, මේක කිරීම අතිශයින්ම වැදගත්. මෙය කිරීමෙන් ඔබට ඔබ ලියන ජාවා කේත පරිගණකයේ ඕනෑම තැනක සිට ධාවනය කරන්න පුළුවන් වෙනවා.

පියවර 1. ඔබේ පරිගණකයේ Start -> Control Panel වෙත පිවිසෙන්න.

පියවර 2. එහි ඇති System වෙත ඇතුළු වෙන්න.

පියවර 3. ඉන් පස්සෙ Advanced System Settings වෙත යන්න. 

පියවර 4. එහිත් Advanced නම් Tab එකට පිවිසෙන්න

පියවර  5. එහි දකුණු පස පහළ කෙළවරේ ඇති Environment Variables කියලා බොත්තමක්. ඉතිං ඇයි තවත් බලා ඉන්නෙ. යන්න ඇතුලට.

පියවර  6. මෙහි User variables වල path නමින් variable එකක් තිබෙනවද කියලා බලන්න. එහෙමනම් ඒක select කරලා edit button එක ඔබන්න.

පියවර  7. එතකොට ලැබෙන පොඩි input box එකේ variable value කියන තීරුවෙ කෙලවරටම යන්න තියෙන values වලට කිසි වෙනසක් නොකර. 

 පියවර  8. එම අවසන් කෙලවරට semicolon එකක් (;) දාලා ඔබ මීට ටිකකට කලින් ස්ථාපනය කර ගත්තු JDK එකේ bin කියන ගොනුවට තියෙන සම්පූර්ණ යොමුව (Absolute Path) අර (;) ට පස්සෙ ඇතුළු කරන්න. ඔබ නිර්දේශිත ගොනුවටම එක ස්ථාපනය කලා නම් ගොනුව වෙත සම්පූර්ණ යොමුව මේ ලෙසින් දැක ගන්න පුළුවනි. (C:\Program Files\Java\jdk1.6.0_12\bin)  ::මතක තියා ගන්න. User Variables වල path කියලා variable එකක් නැත්නම් new ගිහින් variable name එක path විදියට නම් කරලා නව variable එකක් හදා ගෙන ඒකට bin ගොනුවේ සම්පූර්ණ යොමුව දෙන්න.

 පියවර  9. මේ ලෙසින්ම System variables වල තිබෙන path variable එකත් වෙනස් කර ගන්න. 

 පියවර  10. වෙනස් කිරීම් අනුමත කලායින් පස්සෙ command prompt  එක අරගෙන javac කියලා type කරන්න. ඉහත ක්‍රමය අනුගමනය කලා නම්, ඔබේ cmd තිරයෙ ජාවා විධාන විශාල ප්‍රමානයක් දිස් වේවි. 

දැන් ඔබේ පරිගණකය ජාවා වැඩසටහන් ධාවනයට සුදුසු යි.

ජාවා කේතකරණය

මීලඟට තියෙන්නෙ ජාවා වැඩසටහන් කේත ලියන්න අවශ්‍ය සරළ වදන් සැකසුම් මෘදුකාංගයක් සොයාගැනීම. මේ සඳහා මම පාවිච්චි කරන්නෙ notepad++ කියන සරළ වදන් සැකසුම් මෘදුකාංගය. නොමිලේ ලබා ගත හැකි මෘදුකාංගයක් වන එය මෙතනින් ඔබට ලබා ගන්න පුළුවනි. මීට අමතරව ඔබේ පරිගණකයේ තිබෙන notepad මෘදුකාංගයත් මේ සඳහා සුදුසු යි. එසේත් නැත්නම්, ඔබ කැමති වෙනත් සරළ වදන් සැකසුම් මෘදුකාංගයක් මේ සඳහා යොදා ගන්න පුළුවනි. නමුත් Microsoft Word, Open Word වැනි, ක්‍රමලේඛ සුරැකීමේදී වෙනත් formatting එක් කරන වදන් සැකසුම් මෘදුකාංග නම් භාවිතා කරන්න එපා. එම ක්‍රමලේඛ javac සකසනය මඟින් සැකසුම් වැරදි (Compile Errors) තිබෙන ඒවා ලෙස හඳුනාගනීවි.

හොඳයි. දැන් සියල්ල සූදානම්. නැවත හමුවන්නේ අපේ මුල්ම ජාවා වැඩසටහන ලියන්න.

ගැටළු තියෙනවනම් යොමු කරන්න. dynamic.adahas@gmail.com

ජාවා වේදිකාව සරළව..

Posted by: පැතුම් අතුකෝරළ on: February 10, 2009

වේදිකාවක්, එහෙමත් නැත්නම් platform එකක් කියන්නෙ යම්කිසි වැඩසටහනක් ක්‍රියාත්මක වීමට අවශ්‍ය දෘඩාංගමය හෝ මෘදුකාංගමය පරිසරය. 

ජනප්‍රිය වේදිකා විදියට වින්ඩෝස්, මැක් OS, ලිනක්ස්, සොලාරිස් OS හඳුන්වා දෙන්න පුළුවනි.මේ වේදිකා සියල්ලම මෘදුකාංගමය කොටසකින් සහ ඊට පහසුකම් සලසන දෘඩාංගමය කොටසකින් සමන්විත වෙනවා.

නමුත් ජාවා වේදිකාව මේ සියල්ලෙන්ම වෙනස් වූවක්. එය මෘදුකාංගමය කොටසකින් පමණයි සමන්විත වන්නෙ. මෙය වෙනත් දෘඩාංග මත ධාවනය වන මෙහෙයුම් පද්ධති වලට ඉහලින් වූ ස්ථරයක් ලෙස තමයි ක්‍රියාත්මක වෙන්නෙ.

ජාවා වේදිකාව කොටස් දෙකකින් සමන්විතයි.

  1. Java Virtual Machine – (JVM)
  2. Java Application Programming Interface – (API)

java-platform

ජාවා වේදිකාව ඔබේ ක්‍රමලේඛය සහ මෙහෙයුම් පද්ධතිය අතර ක්‍රියාත්මක වන්නේ මෙලෙසින්.

 

Java Virtual Machine - ජාවා වැඩකාරයා

JVM එක කියන්නෙ ඔබගෙ පරිගණකයෙ මෙහෙයුම් පද්ධතිය ට ඉහළ වූ ස්ථරයක ක්‍රියාත්මක වන මෘදුකාංගමය සැකසුම් ඒකකයක්.

සරලවම කිව්වොත් මෙයින් ඔබ ලියන ජාවා කේත ධාවනය කරවනවා. ඒ කොහොමද?

 java-development

ජාවා ක්‍රමලේඛයක ගමන් මඟ

 

ජාවා මෘදුකාංග සංවර්ධන භාෂාවෙ මූල ප්‍රලේඛන ඔක්කොම ලියන්නෙ සරළ වචන සැකසුම් මෘදුකාංග (Plain Text Editor Software) යොදාගෙන, .ජාවා(.java) කියන extension එකත් එක්ක. ඉන් පස්සෙ මේ ක්‍රමලේඛය සැකසුම් කිරීම javac නම් වූ compiler එක මඟින් සිදු කෙරෙනවා. මෙහිදී සෑදෙන නව ක්‍රමලේඛය (.class extension එක සහිත ) මෙහෙයුම් පද්ධතියෙන් ස්වායත්ථ වූවක්. ඔබලා දන්නා විදියටම, දෙවනි ෆයිල් එකේ තියෙන්නෙ JVM එක  සඳහා පමණක් අවබෝධ වන bytecodes.

java නම් දියත් කිරීමේ වැඩසටහන මඟින් ඔබගේ වැඩසටහන JVM හි instance එකක් මඟින් ධාවනය කරවනවා. මෙය ඉතා හොඳින් අවබෝධ කර ගත යුත්තක්. මෘදුකාංගමය පරිසරයක් තිබෙන නිසා එක් එක් වැඩසටහන වෙනුවෙන් JVM නම් අච්චුවෙන් නව instance එකක් නිර්මාණය වෙනවා. මෙමඟින් ඔබගේ මෙහෙයුම් පද්ධතිය සහ මෘදුකාංගය අතර සම්බන්ධතාව ගොඩනංවනවා.

ඔව්. ඔබට ගැටළු ඇති. මේ විදියට කොහොමද ජාවා කේතයක් මෙහෙයුම් පද්ධතියෙන් ස්වායත්ථ වෙන්නෙ? 

මෙහෙමයි.එක් එක් මෙහෙයුම් පද්ධතියට අදාලව නිර්මාණය වෙච්ච JVM තිබෙනවා. ඔබ ස්ථාපනය කරගත යුත්තෙ ඔබගේ මෙහෙයුම් පද්ධතියට අදාල JVM එක. ඔබ ලියලා සකසා ගන්න ජාවා කේතයේ .class ක්‍රමලේඛය මේ ඕනෑම JVM එක්කට අවශ්‍ය උපදෙස් සහිතවයි නිර්මාණය වෙන්නෙ. JVM එකට ඕනෑම .class ක්‍රමලේඛයක් පෙනෙන්නෙ එකම විදියට. මේ නිසා ඔබට වින්ඩෝස් තිබෙන පරිගණකයක සෑදූ ජාවා වැඩසටහනක් කිසි ගැටළුවක් නැතිව ලිනක්ස් තිබෙන පරිගණකයක ධාවනය කරන්න පුළුවනි.

java-ind

ඔබ ලියන ජාවා ක්‍රමලේඛය වරක් සැකසූ පසුව අදාල JVM එක හරහා ඕනෑම මෙහෙයුම් පද්ධතියක් මත ධාවනය කළ හැකියි.

 

Java Application Programming Interface - ජාවා ගබඩාව

API එක කියන්නෙ අති විශාල මෘදුකාංග එකතුවක්. මෙමඟින් ඔබට අවශ්‍ය ගොඩක් දේවල් ඉටු කර ගන්න පුළුවනි. මෙම මෘදුකාංග සියල්ල එකිනෙකට ගැලපෙන විදියට පුස්තකාල ගත කොට තිබෙන්නෙ. මෙම පුස්තකාල අපි හඳුන්වන්නෙ Packages නමින්. ඉදිරියෙදි අපි අපේ වැඩ වලට මේ packages පාවිච්චි කරමු. මෙහි මූලිකම උදවුව තමයි ඔබට අවශ්‍ය සියළු භාවිත අන්තර්ගත වීම. මෙය ඔබව රෝදය නැවත නිර්මාණය කිරීමෙන් වලක්වනවා. 

ඔබට අවශ්‍ය නම් API එකේ අඩංගු භාවිත මොන වගේද කියලා දැන ගන්න, මෙතනින් ඒකට පිවිසෙන්න පුළුවනි. 

හොඳයි. අපි නැවත හමු වන්නෙ ජාවා මෘදුකාංගය ස්ථාපනය කිරීමත්, ජාවා වලින් වැඩ කරන්න ඔබේ පරිගණකය සකස් කර ගැනීමත් ජාවා වල වාසි සහ ජාවා ඔබේ ජීවිතය වෙනස් කරන්න උදවු වෙන්නෙ කොහොමද යන කරුනු ගැන කතා කරන්න.

අද පාඩම ගැන ගැටළු තියෙනවනම් බ්ලොග් එකේම හරි dynamic.adahas@gmail.com  යන මගෙ ඊමේල් ලිපිනයට හරි එම ගැටළු යොමු කරන්න. ඔක්කොගෙම දැන ගැනීමට මම ඒවට උත්තර නම් සඳහන් කරන්නෙ බ්ලොග් එකේ.

ගැටළු වලට අමතරව අදහස්, යෝජනා, චෝදනා තියෙනවනම් අවංකව අදහස් දක්වන්න.

ජාවා තාක්ෂණය සරළව..

Posted by: පැතුම් අතුකෝරළ on: February 9, 2009

ජාවා තාක්ෂණය පරිගණක මෘදුකාංග සංවර්ධනයට යොදා ගන්න භාෂාවක් (a Programming Language) වගේම වේදිකාවක් (a Platform).

මේක ලොව පිලිගත් උසස් මට්ටමේ භාෂාවක් (a High Level Language).

ජාවා පරිගණක මෘදුකාංග සංවර්ධන භාෂාව:

  • සරළයි – Simple
  • ව්‍යාප්ත වූවක් – Distributed
  • සුපුරුදු භාෂාවක් – Familiar
  • වස්තූන් අරමුණු කරගෙන් ගොඩ නැගුනු එකක් – Object Oriented
  • එකවර ක්‍රියාවලි කිහිපයකට උදවු කරන්නක් – Multithreaded
  • අතථ්‍ය භාෂාවක් – Dynamic
  • මෙහෙයුම් පද්ධති වලින් ස්වායත්ථ යි – Architecture Neutral
  • සැහැල්ලුයි – Portable
  • ඉහළ කාර්යක්ෂමතාවක් – High Performance
  • ඉක්මනින් නැවත ගොඩනැගිය හැකියි – Robust
  • ආරක්ෂිතයි – Secure
  1. සරළ බව - ජාවා කියන්නෙ බොහොම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් භාෂාවක්. මේකට විශේෂ පුහුණුවක් අවශ්‍ය නැහැ. තාක්ෂණයේ මූලික කරුණු ටික පහසුවෙන්ම අවබෝධ කර ගන්න පුළුවන්. ඒ වගේම සංවර්ධකයන් මුල සිටම ඵලදායී ලෙස තමන්ගේ කාර්යය කරන්න යොමු කරන එකත් මෙහි විශේෂ ලක්ෂණයක්.
  2. වස්තූන් අරමුණු කරගෙන් ගොඩ නැගුනු එකක් වීම - බිම් මට්ටමේ ඉඳන්ම ජාවා Object Oriented. සැබෑ ජීවිතයෙ හමුවෙන වස්තූන් ආශ්‍රය කරගෙන තමන්ගෙ පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීම මෙහිදී විශේෂයි. වැඩසටහන් වස්තූන් වලින් නිරූපණය කිරීමේ වාසි බොහොමයි. ඒත් දැන් ඒ ගැන කතා කරන්න සුදුසු කාලෙ නෙමෙයි. ඉදිරියෙදි Object Oriented Concepts ගැඹුරට කතා කරමු.
  3. සුපුරුදු බව - ජාවා කියන්නෙ මුලුමනින්ම පාහේ වෙනස් ස්වරූපයක් ගත්තු භාෂාවක් නම් නෙවෙයි. මුල් කාලෙ භාවිතා කරපු භාෂා කීපයක් එකතු කරලා, ඒවායෙ අඩුපාඩු හදලා ගත්තු මෙවලමක්. ඒක නිසා ජාවා වල ගොඩාක් ලක්ෂණ අනෙක් භාෂා වලට සමානයි. (අපි මුල ඉඳන් යන නිසා වෙනත් භාෂා දන්නෙ නැති උනාට දුක් වෙන්න එපා. හැමදේම පිලිවෙලට ඉගෙනගමු.)
  4. ඉක්මනින් නැවත ගොඩනැගිය හැකි බව - ජාවා කියන්නෙ ඉතාමත් විශ්වාසවන්ත සගයෙක් කියලා කිව්වොත් නම් හරියට හරි. සෑම වැඩසටහනක්ම ක්‍රියාත්මක වීමේදී පරීක්ෂා කිරීම් 2කට ලක් වෙනවා. එකක් එකලස් කිරීමේදී පරීක්ෂා කිරීම – (Compile Time Check). අනෙක ධාවන අවස්ථාවේ පරීක්ෂා කිරීම – (Run Time Check). මේ නිසා සෑම ජාවා ක්‍රමලේඛයක්ම ඉතාමත් විශ්වාසදායී මට්ටමක තියෙනවා.
  5. ආරක්ෂිත බව - මේ භාෂාවෙන් ලියවුන ක්‍රමලේඛයකට අවස්ථා 2ක් තියෙනවා. මුල්ම අවස්ථාව තමයි උසස් භාෂා ක්‍රමලේඛය. අනෙක පරිගණකයට පමනක් හඳුනා ගන්න පුළුවන් ආකාරයේ ක්‍රමලේඛය. මෙහිදී ආරක්ෂක නිර්ණායක හඳුන්වා දී තිබෙන්නෙ 2වන ක්‍රමලේඛය තුලට. මේක සාමාන්‍ය මිනිසුන්ට වත්, ඔවුන් විසින් නිර්මාණය කරන ලද වෛරස වලට වත් හඳුනා ගත නොහැකියි. මේ නිසා ජාවා ක්‍රමලේඛ ගොඩාක් සුරක්ෂිත බව කියන්න ම ඕනෙ.
  6. මෙහෙයුම් පද්ධති වලින් ස්වායත්ථ බව සහ සැහැල්ලු බව - ජාවා ක්‍රමලේඛයක් එකලස් කලායින් පස්සෙ එයින් ලැබෙන පරිගණකයට පමණක් කියවිය හැකි ක්‍රමලේඛය ජාවා වේදිකාව තිබෙන ඕනෑම පරිගණකයක් තුල ධාවනය කරන්න පුලුවන්. අවශ්‍ය වෙන්නෙ අදාල මෙහෙයුම් පද්ධතියට අදාල ජාවා වේදිකාව පමණයි. (මේ ගැන එච්චර හිතන්න එපා. ඊලඟ දවසෙ අපි කතා කරන්නෙ ඒක ගැන.)
  7. ඉහළ කාර්යක්ෂමතාවක් තිබීම - අපි කලින් කිව්වා වගේ ජාවා කියන්නෙ ඉතාමත් විශ්වාසවන්ත සගයෙක්. ඒ වගේම මේ වේදිකාවට පුළුවන් ක්‍රමලේඛයට අවශ්‍ය සැකසුම් බලය ලබා දෙන්න. ඒ අනුව වැඩි සැකසුම් බලයක් අවශ්‍ය කෙනාට එයත්, අඩු සැකසුම් බලයක් අවශ්‍ය කෙනාට එයත් ලබා දෙමින් කාර්යක්ෂමතාව ඉතා ඉහල මට්ටමක පවත්වා ගන්නවා.
  8. ව්‍යාප්ත වූවක් වීම - මේක ඉතාම පුළුල් තේමාවක්. නමුත් මෙතනදි අපි දැන් ගන්න ඕන කරන්නෙ මෙමඟින් සිදු වෙන්නෙ ජාවා ප්‍රලේඛණ වඩාත් ආරක්ෂාකාරීවත්, කාර්යක්ෂමවත් හැසිරවීම බව. (මෙයත් ඉතා ගැඹුරින් කතා කරන්න අවශ්‍යයි. ඉදිරියෙදි කරමු.)

මේ කරුණු වලින් ජාවා තාක්ෂණයේ මූලිකාංග ගැන ඔයාලට අදහසක් එන්න ඇති.

අපි ඊලඟට කතා කරන්නෙ ජාවා වේදිකාව (Java Platform) ගැන.

අදහස්, යෝජනා, චෝදනා තියෙනවනම් අවංකවම මෙතන සටහනක් තියන්න.

හොඳයි..එහෙනං මුලින්ම ජාවා.

Posted by: පැතුම් අතුකෝරළ on: February 9, 2009

ගොඩක් අය ජාවා වලට කැමතියි වගේ. ඔවු ඔවු, බොහොම බලවත් මෘදුකාංග සංවර්ධන භාෂාවක්. අපි මුල ඉඳන් පටං ගමු. අනික් උදවිය දුක් වෙන්න එපා. මම ලඟදිම C/C++ භාෂාවන් ගැනත් කතා කරන්න පටන් ගන්නවා.

ජාවා ගැන කතා කරන්න කලිං අපි පොඩ්ඩක් එහි ඉතිහාසය ගැන කතා කරමු.

90 දශකයෙ අග භාගය වෙනකොට පරිගණක ජාලකරණයෙ ඉඳන් එදිනෙදා වැඩ කටයුතු වලට පරිගණකය භාවිතා කරන්නත්, ඒ සඳහා උදවු වන වැඩසටහන් වලටත් මිනිසුන් වැඩි වශයෙන් උනන්දු උනා.

ඔය අතරෙ සන් මයික්‍රොසිස්ටම් කියන සංවිධානයෙ මෘදුකාංග ඉංජිනේරුවො කීප දෙනෙක් එකතු වෙලා හදා ගත්තු “හරිත කණ්ඩායම” විශ්වාස කලා මින් ඉදිරියට පරිගණක ක්ෂේත්‍රයෙ දියුණු වෙන්නෙ ඩිජිටල් පාරිභෝගික භාන්ඩ සහ පරිගණක එක්ව එකලස් වුන උපකරණ බව.

මේ නිසාම ජේම්ස් ගොස්ලින් ඇතුලු කණ්ඩායම විසින් ලොව මෙතෙක් වැඩිම පෙරලියක් කරන්න සමත් වෙච්ච පරිගණක භාෂාව නිර්මාණය උනා. මෙහිදි කියන්න ඕනෙ මුලින්ම භාෂාවෙ නම ජාවා ලෙස හැඳින්නුවෙ නෑ. මුලින්ම ඕක් ලෙස තමයි නම් කලේ.

මේ අතරෙ ඕක් භාෂාව යොදාගෙන *7 (SevenStar) ලෙස හැඳින්වෙන දුරකතන ක්‍රමය බිහිවුනේ සමාගම් තුල සිදුවන සන්නිවේදනය ඉතාමත් ක්‍රමානුකූල මෙන්ම වේගවත් ලෙස පවත්වා ගැනීමට.

මේ උපකරණය ඒ දවස් වල ජනප්‍රිය උන තරම කොච්චරද කියනව නම්, ගොස්ලින් ඇතුළු පිරිසට හැංගිලා හිටපු තැන් වලින් එලියට එන්න සිද්ද උනා.ඔවුන් පාලො අල්ටො (Palo Alto) වල FirstPerson නමින් වෙනම ගොඩනැගිල්ලක තමන්ගෙ වැඩ කටයුතු ආරම්භ කලා.

මේ අතරෙ වෙළඳ පොල ගැන විමසිල්ලෙන් ඉන්නත් FirstPerson අමතක කලේ නෑ.

ඒ අධ්‍යනය ඔවුන්ගේ නව නිර්මාණකරණයට කලේ ලොකු උදවුවක්. අන්තර්ජාලය දියුනු වෙමින් පැවතුනු ඒ කාලෙ ගොස්ලින් ඇතුලු පිරිස කල්පනා කලේ Cable TV වල ඉන්න ජනතාව Internet වලට ගෙන්න ගන්නෙ කොහොමද කියලා.

ඔවුන් මේ අභියෝගය භාරගත්තෙ WebRunner නම් වෙබ් බ්‍රව්සරය ලොවට හඳුන්වා දෙමින්. මෙය ඔවුන්ගේ ජාවා තාක්ෂණික වෙබ් බ්‍රව්සරයක් වුන Mossaic වලින් දියුනු කරන ලද්දක්. පස්සෙ කාලෙක මෙය HotJava(TM) නමින් ප්‍රසිද්ධ උනා.

1994 දි Apple සමාගමත් එක්ක එකතු උන ගොස්ලින් ඇතුළු පිරිස මුල්ම ඩිජිටල් පාරිභෝගික භාන්ඩය ලෙස Apple QuickTake 100 , $1000 කට අඩු මුදලකට වෙළඳ පොලට නිකුත් කලා.

ඔහොම හෙමින් හෙමින්, ඒත් බොහොම ශක්තිමත් ගමනක් ගිය ඕක්, ජාවා ලෙස නම් කෙරුනෙ 1995 අවුරුද්දෙ. ඒ ගොස්ලින් ඇතුළු පිරිසට ඇතිවුන නීතිමය ප්‍රශ්නයක් නිසා. ඒ වෙනකොට ඕක් නමින් වෙනත් සංවිධානයක් ලියාපදිංචි වී තිබීමයි මේ ගැටළුව.

ඔහොම දෙයක් උනාම උගුර කට වේලිලා යන එක සාමාන්‍ය දෙයක් නෙ. ඉතිං ගොස්ලින් ඇතුළු පිරිස Java දූපතෙන් ගෙනාපු කෝපි වලින් හදපු කෝපි කෝප්පයක් බොන ගමන් මේ ගැටළුව ගැන කතා කළා. මේ අතරෙදි තමා ඔවුන් ජාවා කියන නම ඒකමතිකව තෝරා ගත්තෙ ඕක් වෙනුවෙන්.

මෙහෙම යන අතරෙ 1996 දි මුල්ම ජාවා වැඩසටහන් ආම්පන්න ගොනුව (Java Development Kit-JDK 1.0) නිකුත් කෙරුනා.

1997 දි ඉදිරිපත් කෙරුනු JDK-1.1, සති තුනක් වගේ කෙටි කාලයක් ඇතුලත භාගත කිරීම් 220,000ක සුපිරි වාර්තාවක් පවා පිහිටෙව්වා. 1998 වෙද්දි මෙම අගය මිලියන 2 ඉක්මවා ගියා.

1999 අවුරුද්ද ජාවා පරිශීලකයන්ට ගොඩාක් වැදගත් කිව්වොත් ඒකෙ වැරැද්දක් නෑ. ඒ J2EE බීටා අනුවාදනය නිකුත් වීම් නිසා. 2000 අවුරුද්ද වෙනකොට ජාවා ගැන කතා කරන පරිශීලක කණ්ඩායම් (User Groups) 400ක් පමණ ලෝකය පුරා ආරම්භ වෙලා. 

2004 අවුරුද්ද වෙනකොට ජාවා තමන්ගෙ බලපරාක්‍රමය මුලු ලෝකෙම පතුරුවලා තිබුනා. සන් කණ්ඩායම මේ අවුරුද්දෙ ජාවා SE, 5 වෙනි වෙළුම (J2SE-5) තම පරිශීලකයන්ට ඉදිරිපත් කලා.

2006 දි මෙතෙක් පරිගණක ලොව සිදු වුන උතුම්ම කාර්යය සිදු උනා. ඒ ජාවා තමන්ගෙ මූල ප්‍රලේඛන ලොවට නොමිලේ නිකුත් කිරීම.

අද වෙනකොට ජාවා පරිගණක භාෂාවෙන් මෘදුකාංග නිපදවන්නන් සංඛ්‍යාව මිලියන 6ක් පමණ වන බවයි සන් ආයතනය පවසන්නෙ. ඔවුන් ජාවා SE, 6 වෙනි වෙළුමත් ඉදිරිපත් කර විජයග්‍රාහී ලෙස ඉදිරියට ඇදෙනවා.

1995 දි ඇරඹුන මේ මහා විප්ලවය දැන් ලොව වෙනස් කර අවසන්. සියළුම ප්‍රධාන පරිගණක වේදිකා නිර්මාපකයන් (Computer Platform Developers) අද වෙනකොට ජාවා තමන්ගේ ප්‍රධාන අන්තර්ගත සංරචකයක් ලෙස පිලිගෙන තිබෙනවා.

අවසන් වශයෙන් මම ඉදිරිපත් කරන්නෙ සන් මයික්‍රොසිස්ටම් ආයතනයෙ ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් මැක්නීලි මහතාගේ කියමනක්;

“ජාවා භාෂාවක්, ඒ වගේම පරිගණක වේදිකාවක් සහ ජාලගත පරිගණකකරණයේ මූලික සැලැස්ම යි….” 

මට තේරෙන විදියට නං වර්තමාන පරිගණක ලෝකය ජාවාකරණය වෙලා!

 

ජාවා තාක්ෂණය පිලිබඳ තොරතුරු ඊලඟ දවසෙ කතා කරමු.

කියෝපු ගාන..

  • 3,315 දෙනෙක් ගොඩ වෙලා.

වෙළුම්

RSS සිංහල බ්ලොග් කියවනයෙන්..

  • An error has occurred; the feed is probably down. Try again later.

සජීවී පැමිනීම් සටහන

ඔහොම යං.. ඉදිරිය පැහැදිලියි.

Battle Progress Map

දින දසුන

November 2009
M T W T F S S
« Sep    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

අපේ දේශයේ මුර දේවතාවා!